හිසකෙස් වර්ධනයට ඉවහල් වන දේශීය ස්වභාවික අමුද්‍රව්‍ය ගැන ඔබ දන්නවාද? - ස්වාභාවිකව දිදුලන්න!

පරිපූර්ණ හිසකෙස් යනු සෑම කෙනෙකුගේම සිහිනයකි. එහෙත්, සියලු අභ්‍යන්තර හා බාහිර අභියෝග හා තර්ජන සමඟින්, පරිපූර්ණ කෙස් වැඩීම කිසිවෙකුට පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා කැපවීම සහ දැනුම ද අවශ්‍ය වේ. හේතු ගණනාවක් නිසා ඔබේ හිසකෙස් බලාපොරොත්තු වූ තරම් වර්ධනය නොවේ. හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමට ඔබට කුමක් කළ හැකිද? හිසකෙස් වර්ධනයට උපකාරී වන ස්වභාවික අමුද්‍රව්‍ය මොනවාද? අපි සොයා බලමු!

කෝමාරිකා

100%ක් පිරිසිදු පොල් තෙල් හා තවත් වැදගත් ඖෂධීය අමුද්‍රව්‍ය 18ක් රැගත් නෙරළු ඇතුළු බොහෝ හිසකෙස් සත්කාර තෙල්වල කෝමාරිකා අනිවාර්ය අමුද්‍රව්‍යයක් ලෙස ඇත්තේ මන්දැයි ඔබ දැන සිටියාද? කෝමාරිකා යනු හිසකෙස් නැතිවීම වැළැක්වීම සඳහා ප්‍රත්‍යක්ෂ අමුද්‍රව්‍යයකි. ඔබේ හිස්කබලේ ඇති අතිරික්ත තෙල් නිසා ඇති වන හිස් හොරි දුරු කිරීමට එය හොඳ ඖෂධයක් ලෙසද ක්‍රියා කරයි. කෝමාරිකා අඩංගු තෙල් දිගු කාලීනව  භාවිතා කිරීම සහ මෙම අමුද්‍රව්‍යය අඩංගු ෂැම්පූ සහ කන්ඩිෂනර් ඔබේ හිසකෙස් සඳහා භාවිතා කිරීමෙන් පැහැදිලි වෙනසක් ලබා දෙනු ඇත.

පොල් තෙල්

ශ්‍රී ලාංකිකයන් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ හිසකෙස් වලට ප්‍රතිකාර කිරීම සඳහා පොල් තෙල් භාවිතා කර ඇත. පොල් තෙල් වල මේද අම්ල අඩංගු බැවින් ඔබේ හිසකෙස් වල ඇති ප්‍රෝටීන් නැතිවීම අඩු කිරීමට උපකාරී වේ. පොල් තෙල් (හෝ නෙරළු හිස තෙල් වැනි ආදේශක නිෂ්පාදනයක්) ස්නානය කිරීමට පෙර හෝ පසුව යෙදීම පුරුද්දක් කර ගන්න. නෙරළු ආයුර්වේද හිස සත්කාර තෙල් වල ඇත්තේ 100% ක් ස්වාභාවික පොල් තෙල්ය. ඉතින්, පොල් තෙල් වලින් කෙස් කළඹට ලැබෙන නියම පෝෂණය මේ සත්කාරය මඟින් ඔබට ලබා ගත හැක.

දෙහි

ඔබේ හිසකෙස් වලට ප්‍රතිකාර කිරීම සඳහා නැවුම් ලෙමන් යුෂ හෝ ලෙමන් තෙල් භාවිතා කළ හැකිය. ඔබේ හිසකෙස් වර්ධනයට සහ සමස්ත හිස කෙස්වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ඒවාට සෘජු බලපෑමක් ඇත. හිසකෙස් සඳහා ලෙමන් තෙල් (හෝ යුෂ) ප්‍රතිකාරයක් කළ හැකි හොඳම ක්‍රමය නම් ඔබ ස්නානය කිරීමට අවම වශයෙන් විනාඩි 15 කට පෙර ඔබේ හිස්කබලේ ආලේප කිරීමයි. නිරෝගී හිස්කබලක් ඇති කිරීමට එය ඔබට උපකාරී වේ.

ළුණු යුෂ

ඔබගෙන් බොහෝ දෙනෙක් ළුණු යුෂ සුවඳට ආසා නොකරනු ඇත, නමුත් එයින් ලැබෙන සෞඛ්‍යමය වාසි ඔබ කවදා හෝ දැන ගන්නේ නම්, ඔබ එය අත්හදා බැලීමට කිසි විටෙකත් පසුබට නොවනු ඇත. ළූණු යුෂ මගින් හිසකෙස් වර්ධනයට දායක විය හැකි අතර එය හිසෙහි රුධිර සංසරණයද වැඩි දියුණු කරයි. ඔබ ලෙමන් යුෂ සමඟ කටයුතු කරන ආකාරයටම, ඔබේ හිස්කබලේ ළූණු යුෂ ආලේප කර ස්නානය කිරීමට පෙර අවම වශයෙන් විනාඩි 15 ක් වත් තබන්න.

අලිගැට පේර තෙල්

ඔබේ කොණ්ඩයට සැබෑ මොයිස්චරයිසින් කිරීමක් ඔබට අවශ්‍ය නම්, මෙන්න ඔබට පරිපූර්ණ පිළියමක්. අලිගැට පේර තෙල් ඔබේ හිසකෙස් ඇතුළත සිට මොයිස්චරයිස් කරන අතර ඔබේ හිසකෙස් වැඩිපුර බැබළීමට උපකාරී වේ. සිනිඳු (ඝණත්වයෙන් අඩු ) හිසකෙස් ඔබට ඇති ගැටලුව නම්, අලිගැට පේර තෙල් ඒ සඳහාද හොඳ විසඳුමක් සපයයි.

බිත්තර

ඔබේ හිසකෙස් වලට විටමින් සහ ඛනිජ අවශ්‍යයි. තෙල්වල (විශේෂයෙන් පොල්තෙල්) විටමින් අඩංගු වන නමුත් බිත්තරවල ද සැලකිය යුතු විටමින් ප්‍රමාණයක් ඇති බව මතක තබා ගන්න. සින්ක්, යකඩ සහ සෙලේනියම් යනු හිසකෙස් වර්ධනයට ඉවහල් වන වැදගත් පෝෂ්‍ය පදාර්ථ වන අතර බිත්තර වල මේවා අන්තර්ගත වේ. බිත්තර මගින් හිස්කබලට ඔක්සිජන් හා රුධිර නිෂ්පාදනය වැඩි කරයි.

Related stories

Be part of our community