සෞඛ්‍ය සම්පන්න සහ බියෙන් තොර ජීවිතයක් සඳහා මේ මොහොතේ ඔබට ඇති හොඳම පිළියම ගැන ඔබ දන්නවාද? - සෞඛ්‍යාරක්ෂිත ජීවිතයක්, ප්‍රීතිමත් ආයෝජනයක්

ඔබ කවුරුන් වුවත් කමක් නැත, නමුත් ඔබේ සෞඛ්‍යයට වඩා වැදගත් කිසිවක් ඔබට තිබිය නොහැක. අප ජීවත් වන්නේ දිනකට දහස් ගණනක් මිනිසුන් ට තම ජීවිත අහිමි කරන වසංගතයක් පවතින ලෝකයක වන අතර, මෙය වෙන කවරදාටත් වඩා අපගේ සෞඛ්‍ය තත්වයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලයකි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම බොහෝ විට සෑම දෙනාගේම අලුත් අවුරුදු පැතුම විය හැකි නමුත් එය සැබෑ කරගන්නේ ඉතා ස්වල්පයක් දෙනා පමණි. මෙම සරල සෞඛ්‍ය පුරුදු ඔබේ ජීවිතය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. නිරෝගීව සිටින්න, ක්‍රියාශීලී වන්න! ඔබට මෙය කරන්න පුළුවන්!

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්

ඔව්, අපි ජීවත් වන්නේ ඉතා කාර්යබහුල ජීවිත රටාවකය, නමුත් එයින් අදහස් කරන්නේ ඔබට ඔබේ සෞඛ්‍යය හා යෝග්‍යතාවය අත්හැරිය හැකි බව නොවේ. ඔබ කෙතරම් කාර්යබහුල වුවත්, ඔබ ගන්නා ආහාර සෞඛ්‍ය සම්පන්න සහ සමබර බවට වග බලා ගන්න. නැවුම් පලතුරු, කොළ වර්ග සහ එළවළු වැඩිපුර ආහාරයට ගන්න. ක්ෂණික ආහාර ගැනීමෙන් වළකින්න සහ වැඩිපුර ජලය පානය කරන්න. හෘද රෝග, පිළිකා සහ දියවැඩියාවෙන් වැලකී සිටීමට මෙය හොඳ ක්‍රමයකි.

ශාකසාර බීම වලට පුරුදු වන්න

අතීතයේදී අපේ ගෙවතු වල අපි ඖෂධීය ශාක විශාල ප්‍රමාණයක් වගා කළ අතර එම අමුද්‍රව්‍ය භාවිතයෙන් ශාකසාර බීම පිළියෙළ කළෙමු. අපට තවදුරටත් වගා කිරීමට ඉඩක් හෝ කාලයක් හෝ ඉවසීමක් නොමැත. ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා ආයුර්වේද ප්‍රතිකර්ම රාශියක් ඇති අතර මෙම නිෂ්පාදන ගැන අප දැන සිටිය යුතුය. නිවාරන් පස්පන්ගුව යනු වෙළඳපොලේ ඇති ඉතා හොඳ ආයුර්වේද පිළියමක් වන අතර එය පැහැදිලි සහ සහන ප්‍රතිපල ලබා දෙයි. මෙම නිෂ්පාදනවල ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු වන අතර ඉන් පසු කිසිදු අතුරු බලපෑමක් ඇති නොවේ.

මත්පැන් - දුම් පානයට තිත

මිනිසුන්ට ඔවුන්ගේ මට්ටම තෙක් බීම ආරක්ෂිත බව ඔබ අසා තිබේද? මතක තබා ගන්න, මත්පැන් යනු මත්පැන් ය. ඒ සඳහා එවැනි ආරක්ෂිත පානීය මට්ටමක් නොමැත. එය භයානක පුරුද්දකි, එය ප්‍රචණ්ඩත්වය, මානසික අස්ථාවරත්වය සහ පිළිකා, හෘද රෝග සහ අක්මා සිරෝසිස් වැනි බොහෝ රෝග වලට මග පාදයි. දුම්පානය සඳහා ද එය අදාළ වේ. පෙනහළු පිළිකා සහ හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුව දුම්පානය වන අතර දුම්පානය පිළිබඳ නරකම දෙය නම් දුම් පානය කරන්නෙකු වටා සිටින දුම් නොබොන අය පවා මෙම හානිකර බලපෑම් වලට ලක්වීමයි.

ඔබට මානසික ආතතියක් දැනේ නම් යමෙකු සමඟ කතා කරන්න

මානසික අවපීඩනය සහ කාංසාව සමාජයේ නව හා අමුතු සංකල්ප නොවේ. ලොව පුරා සියදිවි නසාගැනීම් සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ මානසික අවපීඩනය වන අතර එය අප සියලු දෙනාම සටන් කළ යුතු යක්ෂයෙකි. ඔබට බලාපොරොත්තු රහිත බවක් හැඟේ නම් වෙනත් කෙනෙකු සමඟ ඒ ගැන කතා කරන්න. විශ්වාසදායක පුද්ගලයෙකු තෝරා ඔබේ අදහස් ඔහු හෝ ඇය සමඟ බෙදා ගන්න. ඔබට සවන් දිය හැකි වෘත්තිකයන් ද සිටින බව මතක තබා ගන්න.

Related stories

Be part of our community